
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
උහන ගලපිටගල 32 ජනපදයේ සිදු කළ මෙහෙයුමක දී, නිවසක් පිටුපස පුරාවස්තු සෙවීමේ අරමුණෙන් පොලව කැණීම් කරමින් සිටි බවට සැකකරන පුද්ගලයන් තිදෙනෙකු, පොලව කැණීම සදහා රැගෙන පැමිණි බවට සැකකරන අලවංගු, ෂවල්, විදුලි ඩ්‍රිල් එකක්, වයර්, ඩෙටනේටර්, වෙඩි බෙහෙත්, වතුර මෝටරයක්, ගල් විදින කටු සහ ඔවුන් පැමිණි මිටෂුබිෂි වර්ගයේ ජීප් රථයක් සමග අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි, අවුරුදු 48, 38, සහ 24 වියේ පසුවන තිදෙනෙකි.
උහන පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරකට අනුව, ස්ථානාධිපතිවරයාගේ මෙහෙවීම යටතේ, 15 වන දින ප.ව. 1.30 ට පමණ පොලිස් නිලධාරිහූ ස්ථානය වටලන අවස්ථාවේ සැකකරුවන් පොලව කැණීම් කරමින් සිට ඇති අතර, ඒ වනවිටත් අඩි 12 ක් පමණ ගැඹුරට කැණීම් කරතිබූ බව පොලිසිය සදහන් කරයි.

